අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඩේවිඩ් එච්. රෝපර් විසින් රචිත ලිපි

අන්ධකාරයේ උපකාරය සෙවීම

අපගේ වයසක සුදු ටෙරියර් බැල්ලිය අපගේ ඇඳ පාමුළ නිදාගනී. වසර 13ක් ඇය නිදාගන්නේ එතැනය. සමාන්‍යයෙන් ඇය ශබ්ද කරන්නේ හෝ සෙලවෙන්නේ නැත. එහෙත් ළඟදී සිට ඇය මධ්‍යම රාත‍්‍රියේදී අපට මෘදු ලෙස තට්ටු කර බලයි. අප මුලින් සිතුවේ ඇයට පිටතට යාමට අවශ්‍යය කියාය. එහෙයින් අපි එසේ කළෙමු. එහෙත් පසුව අපට තේරුම් ගියේ අප එහි සිටීද කියා දැනගැනීමට ඇයට අවශ්‍ය බවය. ඇයට දැන් කන් නෑසේ. ඇස්ද පෙනෙන්නේ අඩුවශයෙනි. රාත‍්‍රියේදී නොපෙනේ. අප සෙලවෙන හෝ…

පළිඟු වෙරළ

20වන සියවසේ මුල් භාගයේදී කැලිෆෝර්නියාවේ, ෆෝර්ට් බ‍්‍රැග්හි ජීවත්වූ සෙනඟ තම කුණු කඳු මුදුනකින් අසල තිබූ මුහුදු වෙරළකට විසි කළෝය. ටින්, බෝතල්, පිඟන් බඩු, සහ තවත් කුණු විශාල ප‍්‍රමාණයක් අප‍්‍රියජනක ලෙස එහි ගොඩගැසී තිබිණ. වෙරළට කුණු දැමීම නතරවූ විටද එය ලැජ්ජාවක් විය.

කෙසේ වෙතත් වසර ගණනාවක් තුළ මුහුදු රැළි වීදුරු සහ පිඟන් කටු, කැබළි බවට පත් කොට කුණු සාගරයට රැගෙන ගියේය.…

නිශ්චලතාවේ හඬ

මසුන් අල්ලන මාගේ මිතුරෙකු කීවේ "නොගැඹුරු ගංගා වැඩිම ශබ්දයක් නිකුත්කරන්නේය" කියාය. "නිසල දිය ගැඹුරුය" යන පැරණි කියමනට එය අනගි අලුත් අර්ථකථනයකි. ඔහු අර්ථවත් කළේ වැඩියෙන් ශබ්ද කරන සෙනඟට කීමට ඇත්තේ ඉතා ටිකක් බවය.

එහි අනිත් පැත්ත නම් අප හරියාකාරව ඇහුම්කන් නොදෙන බවය. සයිමන් සහ ගාර්ෆන්කල් ලියූ "නිශ්චලතාවේ හඬ" යන ගීතය මට මතක්වේ. එය කථාකරන්නේ ඇහුම්කන් නොදී අසාගෙන සිටින්නන් ගැනය. ඔවුන් වචන…

දෛනික වදය

වසර 4ක් ලතින් භාෂාව ඉගෙනීම මා අධ්‍යාපනය ලැබූ පාසැලේ අනිවාර්ය විය. එම විෂයෙහි වටිනාකම දැන් මට වැටහේ. එහෙත් එකල එය මහ වදයක් විය. අපගේ ගුරුවරිය විශ්වාස කළේ අභ්‍යාසය සහ නැවත නැවත කීමය. "නැවත නැවත කීම ඉගෙනීමේ මව" යැයි ඇය දිනකට කිහිප වරක් කීවාය. "නැවත නැවත කීම පිස්සුවක්" යැයි අපි මිමිණුවෙමු.

දැන් මට තේරුම්ගොස් ඇත්තේ ජීවිතයේ වැඩි කොටසක් නැවත නැවත කිරීමක්…

කර්කශ මාර්ග

මා සමඟ මසුන් අල්ලන මිතුරෙකු ඉඩාහෝහි ජග්ගැන්ඩල් කඳුකරයේ උතුරේ ඇති ඇල්පයින් වැවක් ගැන කීවේය. විශාල බලයන් එහි සිටින බවට කටකථා තිබිණ. මාගේ මිතුරා කොළයක් සහ පැන්සලක් ගෙන එම ස්ථානය මට ඇඳ පෙන්වීය. සති කිහිපයකට පසු මම මාගේ වාහනයට තෙල් ගසාගෙන එහි යාමට පිටත් වුනෙමි.

ඔහුගේ සිතියම මා කිසිදිනක වාහන පදවා නැති නරකම වර්ගයේ පාරකට මා යොමු කළේය. එය කොට ඇදගෙන…

වලසුන් දෙදෙනා

වසර කිහිපයකට පෙර මාත් මගේ භාර්යාව වන කැරොලයිනුත් වොෂින්ටන් ප‍්‍රාන්තයේ රේනියර් කඳු පාමුළ කඳවුරක් ගසාගෙන දින කිහිපයක් ගත කළෙමු. එක් සන්ධ්‍යාවක අප සිටි කූඩාරමට එන අතර, තණ පිට්ටනියක් මැද පිරිමි වලසුන් දෙදෙනෙක් එකිනෙකාට කණට ගසා ගනිමින් සිටියෝය. අප නැවතී බලා සිටියෙමු. අසල සිටි කඳු නගින්නෙකුගෙන් අපි "ඇයි මේ?" කියා ඇසුවෙමු. "තරුණ වැලහින්නක්" යැයි ඔහු කීවේය. "ඇය කෝ?" මම ඇසුවෙමි. "විනාඩි…

විනාශය අද්දර

ඉඩාහො ප‍්‍රාන්තයේ දකුණු කියුනාවේ පොළොව යට ලාවා නළයක් තිබේ. එය ප‍්‍රදේශයේ කුප‍්‍රකට ස්ථානයකි. මා දන්නා ලෙස එයට ඇතුල්විය හැකි එකම ස්ථානය අන්ධකාරයට සෘජුව වැටෙන පරණ ලෑල්ලකි. වසර කිහිපයකට පෙර මම එම ලෑල්ල කෙළවරට ගොස් පහත බැලුවෙමි. මට තව තව ළඟට යන්නට සිතිණ. තව මොහොතකින් මගේ සමතුලිතතාවය නැතිවන්නට ඉඩ තිබිණ. හදවත ගැහෙන බියක් මට දැණින. මම එ් අන්ධකාර මුඛය අසලින් ඉවත්…

රාත‍්‍රියේ හඬක්

ගීතාවලිය 134හි ඇත්තේ පද තුනක් පමණි. එහෙත් කුඩා දේවල් බොහෝ අර්ථවත් බවට එය සාක්ෂිියකි. රාත‍්‍රියක් පාසා රාත‍්‍රියක් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සේවය කරන පූජකයන්හට පළමු පද දෙකෙන් දිරිමත් කිරිමක් ලබා දෙයි. ගොඩනැගිල්ල අඳුරුය, හිස්ය. කිසිවැදගත් දෙයක් එහි සිදු නොවේ. ඔවුන්ට පෙනෙන්නේ එලෙසය. එහෙත් මෙම පූජකයන්ට දිරිය ලැබුණේ "ශුද්ධ ස්ථානය දෙසට ඇස් ඔසවා ස්වාමින්ට ප‍්‍රශංසා" කිරීමටය (2 පදය). තුන්වන පදය රැස්ව සිටින්නන් රාත‍්‍රියේ…

තව පියවරකින් ළංව

වසර ගණනාවකට පෙර මාගේ මිතුරෙකු සමඟ මම විට්නි කන්ද තරණය කිරීමට පිටත්වුණෙමි. එය අඩි 14,505 ක් උසය. එක්සත් ජනපදයේ යාබද කඳුවලින් උසම කන්ද එයයි. අප විට්නි කඳු පාමුලට රෑ බෝ වීමට ආසන්නයේ පැමිණ අපගේ නිදන ආම්පන්න සූදානම් කරගෙන පසුදා අරුණෝදයේ, කන්ද නැගීමට පෙර නින්දක් ලබා ගැනීමට උත්සාහ කළෙමු. විට්නි කන්ද තාක්ෂණික තරණය කිරීමක් නොව සැතපුම් 11ක නැග්මක වෙහෙසකර පාගමනකි.

තරණය…

Godliman Street

My wife, Carolyn, and I were walking in London and came across a road named Godliman Street. We were told that a man once lived there whose life was so saintly that his street became known as “that godly man’s street.” This reminded me of an Old Testament story.

Saul’s father sent his son and a servant to look for…